හදවතින්ම ලාංකිකයි

පිස්සු පූසා

අමිලගේ කොත්තුව

මෙන්න උණු උණු කොත්තු ..

කීයක් ආවද ?

මෙන්න ඔක්කොම එකම තැනකින්

ජනප්‍රිය ලිපි

Translate

Tuesday, 1 January 2013

තමන්ගේ බ්ලොග් එකේ තත්ත්වය බලන්න Website එකක්



හැමෝටම වැදගත් වෙන දෙයක් තමයි දෙන්න යන්නේ. අද ඔයාලට කියලා දෙන්නේ තමන්ගේ බ්ලොග් එකේ හරි Website එකේ හරි තත්ත්වය බලාගන්න පුලුවන් Site එකක් ගැන. මේකෙ නම තමයි WooRank. හරියටම කියනවා නම් මේක Website Analysis Tool එකක්.


http://www.woorank.com

මේ Website එකේ තියෙන විශේෂත්වය තමයි මේකෙන් ඔයාලගෙ බ්ලොග් එක Rank කරනවා. එහෙම Rank කරන්නේ කරුණු විශාල ගණනක් සලකා බලලා. ඔයාලට තියෙන්නේ ඔයාලගෙ බ්ලොග් එකේ නම ගහන්න විතරයි. ඔන්න ඔයාගේ බ්ලොග් එකේ Rank එක බලා ගන්න පුලුවන්.
දැන් ඔයාල බලයි Rank කරා කියලා බ්ලොග් එකට ඇති වැඩේ මොකක්ද කියලා. ඔන්න බ්ලොග් එක Rank උනාට පස්සේ එනවා Report එකක්. මේ Report එකේ ඔයාගේ බ්ලොග් එක ගැන හැම විස්තරයක්ම තියෙනවා. ඒ විතරක් නෙවෙයි බ්ලොග් එකේ තියෙන වැරදි සේරම පෙන්නනවා. දැන් ඒ වැරදි බලලා ඒ වැරදි කොහොමද නිවැරදි කරගන්නේ කියලත් එයාලා කියලා දෙනවා.

අනික මේකෙන් අපේ බ්ලොග් එක Backlink වෙලා තියෙන විස්තර එහෙමත් බලා ගන්න පුලුවන්. ඒ නිසා SEO කරන්නත් ලේසියි. මං මුලින්ම Check කරනකොට මට Blog එකට ආවේ Rank එක 39.6 විතරයි. ඒත් වැරදි එහෙම හරිගස්සලා ගත්තම ඔන්න දැන් 47.7 තියෙනවා. තව වැරදි එහෙම තියෙනවා. ඒ ටිකත් හිමිහිට හදා ගන්න ඕන. ඔයාලත් ඔයාලගේ Rank එක Check කරලා එක එක්කෙනාගේ Site එක්ක සංසන්දනය කරලා බලන්නකෝ. බලලා ඉතින් අපිටත් කියන්න්කෝ ඔයාලගෙ Rank එකත්.

0 comments:

Post a Comment